(ක.ග.කරුණාරත්න)
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයෙකුට සහය පලකිරීම වෙනුවෙන් මැතිවරණ නීති සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදුණු බව කියන 67 දෙනෙකු අද (12) පොලොන්නරුව කලහගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස අතර කාන්තාවෝ වැඩි පිරිසක් සිටින බව පොලිසිය පැවසීය.
මෙම පිරිස කලහගල ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් අත් පත්‍රිකා බෙදීමේ යෙදී සිටියදී මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව පොලිසිය පැවැසීය.
පොලොන්නරුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.