IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මාතලේ නගර සබේ මන්ත්‍රීවරු වීදි බසිති

(රවින්ද්‍ර විරාජ් අබයසිරි )
 
මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීව පිරිසක් අද(20) මාතලේ අඹගහමුල බස් නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
 
මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකර මෛත්‍රී ගුණරත්න මහතා නොමග යවා සක්‍යතා වාර්තාව පවා  අනුමත නොවුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ඉඩමක නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
 
නාගරික මන්ත්‍රි අමිල නිරෝශන මහතා මෙසේ පැවසීය.
 
“මෙම ඉඩම මාතලේ මහ නගර සභාවට අයත් නොවන ඉඩමක්.  බස් නැවතුම්පළ සංවර්ධනය කරන මුවාවෙන් බස්නැවැතුම්පළ මැදින් අඩි 12ක මාර්ගයක් ඉදිකරදීමට එක් ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාගෙන ඇති බවට අපිට තෙරතුරු ලැබිලා තිබෙනවා. අපි පසුගිය සභාවේදී මෙම ක්‍රියාවට අනුමැතිය ලබා දුන්නේ නෑ. නගරාධිපති ඔහුගේ තනිමතයට මෙම කටයුත්ත කර තිබෙන්නේ. ආණ්ඩුකාරවරයාවත් නොමග යවලා. ඊයේ උත්සවයට නගර සභාවේ මුදල් රුපියල් ලක්ෂ දෙකක් වැය කර තිබෙනවා. එය මුදල් අවභාවිතා කිරීමක්. අපි ඒ පිළිබඳව පියවර ගන්නවා. මෙම නීති විරෝධි ක්‍රියාවට අපි විරුද්ධයි” යැයි ද හෙතෙම පැවසීය.
 
විරෝධතාව සඳහා පොදු පෙරමුණු නාගරික මන්ත්‍රීවරුන් වන අමිල නිරෝශන, සරත් ජයතුංග, දිනේෂ් විරසිංහ, ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී එම්. නිලාෆ් යන මහත්වරු සහ මගී අයිතින් සුරකීමේ සංවිධානය සහභාගී වූහ.



අදහස් (0)

මාතලේ නගර සබේ මන්ත්‍රීවරු වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 96 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site