(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගර සභාවේ විශේෂ මහ සභාවක් කැදවන ලෙස උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සිදු කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන බවත් නගර සභා ආඥා පනතට අනුව එම ඉල්ලීමේ විශේෂ හේතුවක් නොමැති බවත් මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (28) පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා පැවසුවේ මේ ඉල්ලීම කිසිදු පදනමක් නැහැ. මම වැඩ කරන්නේ නගර සභා ආඥාපනත අනුව. මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කළ හැකියි. මෙතෙන තියෙන්නේ දේශපාලන කටයුත්තක්. විවිධ දේශපාලන වාසි ගන්න මේ අය උත්සහ කරනවා. ඔය මන්ත්‍රීවරුන් නාගරික ජනතාවට ඇති ප්‍රශ්න ගැන කතා කරන්න මහ සභා කැඳවන්න කියන්නේ නැහැ. කිසිම මන්ත්‍රීවරයෙක් ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්නෙත් නැහැ. ඒ නිසා සුපුරුදු පරිදි මහ සභා රැස්විම ලබන මාසයේ පැවැත්වීමට කටයුතු කරනවා.එවිට ඔය කියන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් යැයි ද මන්ත්‍රීවරයා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ නගරාධිපති විශේෂ මහ සභාවක් කැඳවීම ප්‍රතික්ෂේප කරයි