(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මහනුවර යාපනේ ඒ9 මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරිමේදී මාතලේ නගරයේ දේපල අහිමි වු හා දේපලවලට හානි වූ ජනතාවට මෙවර අයවැයෙන් වන්දි ලබාදිමට අවශ්‍ය පියවරගෙන ඇතැයි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.
අලුවිහාරේ මහතා මෙසේ පැවසුවේ මාර්ග සංවර්ධනයේ දී දේපල අහිමි වූ හා දේපල සඳහා හානිවු මාතලේ නගරයේ වෙළදසැල් හා නිවාස හිමියන් වෙත 2019 අයවැය මගින් රජය විසින් තක්සේරු කරන ලද වන්දි ලබාදිමට පියවරගෙන ඇති බවට ඔවුන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක්වෙමිනි.
වන්දි මුදල් ලෙස රුපියල් මිලියන 518 ක මුදලක් දේපල අහිමිවූ පුද්ගලයින් 434 වෙත තම ඉල්ලීම මත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ලබාදිමට අවශ්‍ය පියවරගෙන ඇතැයි සදහන් කළේය .
මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ පි මධුවන්ති මහත්මිය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් චිත්‍රාරංජන හදරාගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාතලේ දේපල අහිමිවූවන්ට මෙවර අයවැයෙන් වන්දි