IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජංගම දුරකත විශාල ගැටලුවක්

නිශාන්ත කුමාර

බාල වර්ගයේ ජංගම දුරකතන සහ දුරකතන සමාගම් නිසි ක්‍රමවේදයකින් තොරව සුලු මුදලට අලවි කරන සිම්පත් නිසා නීති විරෝධී කටයුතු මැඩලීම පොලීසියට විශාල ගැටලුවක් වී ඇතැයි බදුල්ල සහකාර පොලිස් අධිකාරී  උදිත් එන්.පී.ලියනගේ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද  (02) මීගහකිවුල  ප්‍රාදේශීය සභාවේ පැවති මත් ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකදීය.

මෙම ජංගම දුරකතන හා සිම්පත් සඳහා නීති පද්ධතියක් ස්ථාපනය කරන්නේ නම් රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම නීතිවිරෝධී ජාවාරම් මැඩලීම පොලීසියට සුලු කටයුත්තක් බවද පොලිස් අධීකාරිවරයා පැවසීය.

මීගහකිවුල හා ඒ අවට ප්‍රදේශ තුල සීඝ්‍රයෙන්  ව්‍යාප්ත වෙමින් පවතින හෙරොයින් ,කේරල ගංජා ඇතුලු විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා   ක්‍රමවේදයක් සකස් කිරීමට මීගහකිවුල පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් , රාජ්‍ය ආයතන ප්‍රධානීන් , පාසල් ගුරුවරුන් ඇතුලු  සමාජයේ විවිධ තරාතිරම් වල වගකිවයුත්තන්ගේ සහභාගීත්වයෙන්  පැවති සාකච්ඡාවකදීය.

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතාගේ අදහසකට අනුව කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම් සිරිවර්ධන මහතා සහ මීගහකිවුල ප්‍රාදේශීය සභාව වැඩසටහන සංවිධානය කර තිබුණි.

එහිදී පොලිස් අධීකාරීවරයා මෙසේද කීවේය.

‘‘ මුදලට පුදුම විදිහට ලොල්වූ සමාජයක් තමයි  අද තියෙන්නේ. සමස්ත ශ්‍රී ලාංකිකයා තුලම ඒ තත්ත්වය පවතිනවා. ඒ නිසා හැම දෙනෙක්ම අද රටට මොනව වුනත්  තමුන්ට ලැබෙන කොමිස් එක   මත තමයි කටයුතු කරන්නේ. එතනින් එහා වෙන දේ ගැන හිතන්නේ නැහැ.

නමුත් රටක මිනිස්සු විදිහට පොදුවේ හිතනවා නම් මේ රටේ සිදුවන ගොඩක් අපරාධ මැඩලීම ඉතාමත් පහසුයි. ඒ වගකීම අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා   මුදලට ගරු නොකරන සමාජයක් අප අතර නිර්මාණය කර ගත යුතුයි.

විශේෂයෙන්ම (ඊෂි කෑෂ්) හරහා අද කුඩු ජාවාරම ඉතාම පහසුවෙන් සිදුවෙනවා. අද මේ හරහා බන්ධනාගාර තුල සිට පවා මෙම ජාවාරම් මෙහෙයවන තත්ත්වයට පත්ව තිබෙනවා.

අද මේ රටේ ඕනැම තැනකින් ඉතා අඩු මුදලට බාල ජංගම දුරකතන ගන්න පුලුවන්. ඒවා නිසි ලියාපදිංචියක් සිදුවී නැහැ. ඒ වගේම ඇතැම් දුරකතන සමාගම් පදික වේදිකාවේ ඉදගෙන ඉතා අඩු මුදලට සිම්පත් අලවි කරනවා. මේවා හරි ලියාපදිංචියක් සිදු වෙන්නේ නැහැ.

මේ තුල අපි යම් සිද්ධියකට සම්බන්ධ දුරකතන අංක අනාවරනය කර ගත්තත් අනන්‍යතාව හොයාගැනීමට යාමේදී අපේ පරීක්ෂණ අතරමැද නවතා දමන්නට අපිට සිදුවෙනවා.ඇතැම් විට මිය ගිය පුද්ගලයින්ගේ සිම්පත් හරහා මෙම ජාවාරම් සිදුවෙනවා. මේක රට තුල ඉතා පුළුල් ජාලයක් විදිහට සූක්ෂම අයුරින් සිදුවෙනවා.

මේ ගැටලුව නිසා අද අපේ බොහෝ පරීක්ෂණ අතරමග නතරවී තිබෙනවා. මේක කාට කීවත් තාම විසදුමක් ලැබී නැහැ. මේකට විසදුමක් ලැබෙනවා නම් මේක නවත්තන්න පුලුවන්. මේක පොලීසියට නතර කරන්න බැහැ කියල බොහෝ දෙනෙකු කියනවා. ඒකට හේතුව මේ දුරකතන හා සිම්පත්වල ගැටලුවයි. මේ ගැටලුව විසදනවා නම් අපිට ඉතා පැහැදිලිවම මේ ජාවාරම් නවත්තන්න පුලුවනි.

හැබැයි අද වන විට නගරයේ වගේම ගමේත් මේක ව්‍යසනයක තත්ත්වයට පත්වෙලා. හැබැයි ගම තාමත් මුලුමනින්ම සමාජයට නිරාවරනය වී නැහැ. ඒ නිසා මෙහි යෙදෙන පිරිස් හොයා ගැනීමත් ඒ හරහා මෙම ජාවාරම් මැඩලීමත් නගරයට සාපේක්ෂව පහසුයි. ඒ සඳහා අපි සියලු දෙනා කණ්ඩායමක් විදිහට එකතු විය යුතුයි.

මෙය අපි අභීයෝගයක් කරගෙන ප්‍රදේශ මට්ටමින් හෝ සංවිධානය වී මීට විසදුම් සෙවිය යුතුයැයි මා විශ්වාස කරනවා.

මේවාට යොමුවූ පිරිස් ගැනත් අපි සිතන්න අවශයයි. මේ අය මේවාට යොමුවී තියෙන්නේ කුමන හේතුවක් නිසාද කියා අපි සොයා බලා ඒවාට විසදුම් ලබාදීමේ අවශ්‍යතාවයක් තියෙනවා.

අද ගුරුවරුන් සිසුන් අතර සම්බන්ධතාව මෙන්ම දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාව බිද වැටී තිබෙනවා. මව පියා ඒ ඒ ලෝක වල. දරුවෝ තනි වෙලා. ඒ අයට ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. මේවැනි  තත්වයක් මත ඒ අය වැරදි තැන්වල නතර වෙනවා. ඒ නිසා සමාජයෙන් නීති විරෝධී දේවල් අයින් කළ පමණින් මේ ප්‍රශ්නය විසදන්නට බැහැ. ඔවුන් ඒ තත්වයට පත්වීමට හේතුවත් සොයා බැලිය යුතුයි.

ඒ සඳහා ආයතන මට්ටමින් , පාසැල් මට්ටමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපි සංවිධාන ජාලයක් හදා ගත යුතුයි. ඒ වගේම මේ ජාවාරම් වල නිරත පිරිස් රැස් කර ඔවුන්ට මේ ගැන පහදා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නටත්  අපි කටයුතු කළ යුතුයි‘‘.



අදහස් (0)

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජංගම දුරකත විශාල ගැටලුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site