(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ප්‍රදේශ රැසක නිවෙස් සහ වෙළඳ සැල් බිඳ රුපියල් ලක්ෂ 50 කට අසන්න දේපළ සොරකම් කල "මට්ටක්කුලිය අබූ" නැමැත්තා තොටලග ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ කියයි.

සැකකරු ගෙන් සිදුකළ කිරීමේදී ලැප්ටොප් පරිගණක 12ක් මුද්‍රණ යන්ත්‍ර 2, කැමරා 2  , පිත්තල පහනක් ,ජංගම දුරකථන දෙකක් තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් ඉකුත් මාස තුනක් පමණ කාලයක් තුළදී කොල්ලුපිටිය බම්බලපිටිය සහ කොටහේන පොලිස් වසම් වල සොරකම් සිදුකර තිබූ බව පොලිසිය කියයි.

සොරකම් කළ සියලූම භාණ්ඩ තොටළඟ මට්ටක්කුලිය සහ කොළඹ තවත් ප්‍රදේශ කීපයකට ඉතා අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

වයස අවුරුදු 30 සැකකරු ගෑන්ඩ්පාස් පදිංචිකරුවෙකි.