(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය.
නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි ලියනගේ උදය සංජිව පෙරේරා නැමැති සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් බාරයට පත්ව ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
සැකකරු දැනට මහර බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යාගේහෙරොයින් අලෙවි කරමින් සිට පසුව හෙරොයින් අලෙවි කරන අයගේ මුදල්එකතු කර ඇති බවත් එම මුදල් ගනේමුල්ල සංජිව නැමැති කඩවත රන්මුතු ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කට බාර දීඇති බවත් පැවසු පොලිසිය සැකකරු ටි56ගිනි අවිය සහ මැගසින් 04 රැගෙන ගොස් ඇත්තේ ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යා ලබා දුන් උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජික යෙකු ඝාතනය කිරීම සදහා බව ට සිදු කල පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසීය .
සැකකරු ගේ ප්‍රකාශ මත කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ නීවස පරික්ෂා කර එහි තිබි හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බව ද පැමිනිල්ල මෙහෙය වමින් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශනය අංශයේ
ස්ථානාධිපති ප්‍ර.පො.ප.අසංක රංගන සහ පො.ප.සේනාරත්න ;පො.කො.සුරංග (81859)යන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ.
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝටර් රියෙන් ගිනිඅවි විසි කළ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්