IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


භූගත ජල ගැලීමකින් පුත්තලමේ නිවාස 40ක ජනයා පීඩාවට

 (එච්. චන්දන)
 
දැනට මාස පහක පමණ කාලයක සිට භූගතව වන බවට සැකකරන ජල ගැලීමක් හේතුවෙන් තමන් දැඩිසේ පීඩාවට පත්වී සිටින බව පුත්තලම නගර සභා බල ප්‍රදේශයට අයත් සේනකුඩිරිප්පුව ජුසේවාස් මාවත හා කෝවිල පාර ප්‍රදේශයේ නිවාස 40 පමණ පදිංචිකරුවෝ පවසා සිටිති.
 
පුත්තලම නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශයක් ලෙස සැලකෙන මෙම ප්‍රදේශයේ වැසි ජලය බැස යාම සඳහා නිසි කාණු පද්ධතියක් නොමැති බවත් එවැන්නක් ඇති කළ ද  පුත්තලම කලපුව භූමියට ඉහළින් පිහිටීම නිසා ජලය බැස යාම සිදුවන්නේ මන්දගාමීව බවත් ඔවුහු කියති.
 
ඒ අනුව පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ඇති වූ වර්ෂාවට මෙම ප්‍රදේශය ජලගැලීම්වලට ලක්වී ඇති අතර එසේ ගැලූ ජලය බැස යාමට ඇති ඉහත කී බාධාවන් හේතු කරගෙන තවදුරටත් එම ජලය මෙසේ තම ගෙවතු තුළ එක්රැස්වී ඇති බවට තමන් මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බවට මේ වන විට පෙනීයන්නේ යැයිද ඔවූහු පෙන්වා දෙති.
 
මෙම තත්වය හමුවේ අදාළ ප්‍රදේශයේ ළිං කිහිපයක් ද පොළොව මට්ටමට ඉහළින් පවා පිරී පවතින අතර මෙම ජල ගැලීමේ බලපෑම අදාළ ගෙවතු, නිවාස හා වැසිකිලිවලට දැඩි ලෙස එල්ල වී තිබේ. ඊට අමතරව ජනතාවට සෞඛ්‍ය ගැටලුද ඇතිවීමේ අවදානමක් ද පවතින බවත් ඇති වී තිබෙන මෙම තත්වය සැළකිල්ලට ගෙන ඇතැම් පිරිස් සිය නිවාස අතහැර ගොස් ඇති බවද අනාවරණය විය.  
 
මේ පිළිබඳව අදහස් දැක්වූ  එම ගම්වැසියෙකු වන කේ .ඒ. ඩි. කැමිලස් මහතා මෙස් පැවසීය.
 
‘‘අපි දැන් මාස කිහිපයක සිටම මේ අපා දුක විදිනවා. මේ පිළිබදව වගකිවයුතු ආයතන කිහිපයකට දැනුම් දීල තියෙනවා. ජල සම්පත් මණ්ඩලයෙන් පුත්තලමට ජලය දෙන්න මීට කලකට ඉස්සර මේ ප්‍රදේශයෙ නළ ළිං  වගයක් ගැහුවා. දැන් ඒ ළිං වලින් වතුර ගන්නේ නැහැ.  ඒ නළ  ළිංවලින් භූගතව මේ ජලය පිටතට එනවද කියලත් අපි හිතනවා‘ යැයිද කීය.
 
අප මේ පිළිබඳව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ. ඒ. බායිස් මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබදව අදාළ අංශ සමග එක්ව සොයා බලා පියවරක් ගන්නා බවය.


 



අදහස් (1)

භූගත ජල ගැලීමකින් පුත්තලමේ නිවාස 40ක ජනයා පීඩාවට

sharm warn Friday, 13 March 2020 05:57 AM

භූ විද්‍යා හා පතල් කාර්යාලයත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයත් එක්ව මේ ගැන සොයා බලා කටයුතු කල යුතු නොවේද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 844 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1784 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site