( දියතලාව - ඩී.කේ.රත්න )
බදුල්ල ස්ප්‍රීංවැලි ප්‍රධාන මාර්ගයේ ස්ප්‍රීංවැලි කෝට්ටේගොඩ ප්‍රදේශයේදී අද (8) හවස 2.30 ට පමණ පොලිස් නිළධාරියෙකු විසින් ධාවනය කරමින් තිබූ යතුරු පැදියක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පොලිස් නිලධාරියා මියගොස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
බදුල්ල පොලීසියට අනුයුක්තව සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 46615 ඩබ්.එම්.වීරසේන නැමති පොලිස් කොස්තාපල්වරයෙකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මෙම පොලිස් නිලධාරිවරයා බදුල්ල පොලීසියේ සිට ස්ප්‍රීවැලි ප්‍රදේශයට රාජකාරී කටයුත්තක් සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.
සිද්ධියට සම්බන්ධ ලංගම බස් රථය හා බස් රථයේ රියදුරු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්- යතුරුපැදි අනතුරින් පොලිස් නිලධාරියා මරුට