(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වු බස් රථයක ගැටි මානසික රෝගයෙන් පෙලෙන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
අද(23) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ගොර්ති වත්ත ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ ඉදිරියට මෙම රෝගි තත්ත්වයෙන් පෙලෙන කාන්තාව පැන ඇති අතර එහිදි එම කාන්තාව බස් රථයේ ඉදිරි රෝදයට යටවී එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වී ඇත.
මානසික ව්‍යාධියකින් පෙලෙන මෙම කාන්තාව කිසියම් පිරිසක් විසින් දින කිහිපයකට ප්‍රථම කුඩා මස්කෙලිය ප්‍රදේශයට ගෙනවිත් අතහැර දමා ඇති අතර ඇය මාර්ගයේ ගමන් ගන්නා වාහන කිහිපයකටම ගැටිමට ගොස් බේරි ඇති බව ප්‍රදේශවාසිහු පැවසූහ.
බස් රථයේ රියදුරු නොර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳ නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 18
452
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයක ගැටී කාන්තාවක මරුට