(ලලිත් නවරත්න)
උඩප්පුව කීරියන්කල්ලිය ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනයට කළ 43 හැවිරිදි පුද්ගලයකු සැකපිට අද (15) අත්අඩංගුවට ගත්බව උඩප්පුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙකි.
දැරිය සහ දැරියගේ මව රවටාගෙන මෙම පුද්ගලයා කලක පටන් මෙම නිවසට පැමිණ ඇති අතර මවට විවිධාකරයෙන් උදව් කර ඇති බව දැරිය පොලීසියට ලබාදුන් පැමිණිල්ලේ සඳහන් වේ.
දැරියගේ ශාරීරික වෙනස්කම් දැක ඒ පිළිබඳව විමසීමේදී දැරිය සැකකරු තමන්ට සිදුකළ අතවර පිළිබඳව දෙමව්පියන්ට පැවසීමෙන් පසුව පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ උඩප්පුව පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය පුත්තලම රෝහලට ඇතුළත්කර ඇත.
සැකකරු අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බාලවයස්කාර දැරියකට අතවර කළ පුද්ගලයකු අත්අඩංගුවට