IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


බලපිටිය රෝහලේ සේවකයෝ විරෝධයක

 (එම් .සුසිල්  ප්‍රියන්ත )
         
බලපිටිය මූලික රෝහලේ සේවකයෝ පිරිසක් අද(07) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
       
රෝහලේ ආපනශාලා හිමිකරු හා ඔහුගේ පුත්‍රයාගේ ප්‍රහාරයෙන් රෝහලේ හිටපු සේවකයකු මිය ගියේ යැයි පවසමින්, එම මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා ඔවුහු විරෝධය පැවැත්වූහ. හෙද නිලධාරීහුද මීට එක්ව සිටියහ.
 
ඝාතකයින්ගෙන් තමන්ටද මරණ තර්ජන එල්ල වී ඇතැයි කී සේවකයෝ සැකකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
 
අම්බලන්ගොඩ පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුවන්  නීතියේ රැහැනට හසුකරගෙන මේ වනවිටත් ඔවුන්ට  නීතියේ ප්‍රකාරව කටයුතු කරන බවයි. යම් සේවකයකුට මේ සැකකරුවන්ගෙන් මරණ තර්ජන තිබේ නම් පැමිණිලි කරන ලෙසද, එවිට පරීක්ෂණ පවත්වන බවද ඔහු පැවසීය.



අදහස් (0)

බලපිටිය රෝහලේ සේවකයෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site