තුසිත කුමාර ද සිල්වා
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බේරුවල ධීවර වරායේ මත්ස්‍ය වෙළෙඳ පොළ ජංගම සිල්ලර වෙළඳුන් වූ කුඩා වෑන් රථ, යතුරුපැදි හා පාපැදිකරුවන් ට මාස දෙකක කාලයක් විවෘත නොවූ අතර එම වෙළඳුන් ගේ ජීවන තත්වය සලකා රට යළි විවෘත වීමත් සමග හෙට (23)දා සිට අලුයම 5.00ත් උදෑසන 9.00ත් අතර කාලය තුළදී එම වෙළදුන්ට වරාය පරිශ්‍රයට ඇතුළු වී මසුන් මිලදී ගෙන ජංගම වෙළදාම සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා අද (22) දහවල් පැවසීය .
ජංගම මත්ස්‍ය වෙළඳුන් ධීවර වරාය පරිශ්‍රයට ඇතුළු කර ගනු ලබන්නේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකර, සියලු සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගතව බවත් ,ධීවර වරාය සංවර්ධන කමිටුව ,බේරුවල පොලිසිය හා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන අංශ වලින් සැදුම්ලත් කමිටුවක් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව වරාය කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.
එක් එක් පුද්ගලයන් වශයෙන් වරායට පැමිණ මසුන් කිලෝව දෙක මිලදී ගැනීමට පැමිණෙන අයට පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් වරාය කළමනාකාරීත්වය සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බේරුවල ධීවර වරාය ජංගම සිල්ලර වෙළදුන්ට හෙට සිට මසුන් මිලටගන්න ඉඩ සලස්වයි