(දයාරත්න ඇඹෝගම)
බීමතින් රිය පැදවු රියදුරන් හය දෙනෙකු කහටගස්දිගිලිය නගරයේදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මේ දිනවල කහටගස්දිගිලිය නගරයේ පැවැත්වෙන සැණකෙළිය නැරඹීමට පැමිණෙන රියදුරන් බොහෝ දෙනෙකු බීමත්ව රිය පදවන බවට පොලිසියට ලැබුණූ පැමිණිලි මත කහටගස්දිගිලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදිප් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස් මත මෙම වැටලම සිදු කෙරිණි.
මෙම මෙහෙයුමේදී බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් සිව් දෙනෙකුද ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන මොරකැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි.
අත්අඩංගුවට ගනු ලැබු රියදුරන් හය දෙනා පොලිස් ඇප මත මුදා හරන ලද අතර ඔවුන් මේ මස 24 වැනි දා යළි අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බීමතින් රිය පැදවු 6 ක් කහටගස්දිගිලිය දී අත්අඩංගුවට
don Friday, 01 June 2018 08:40 AM
කොහොමත් ත්‍රිවිල් සහ යතුරු පැදි විතරයි අල්ලන්නෙ පොලිසියෙන්
jayatissa Sunday, 03 June 2018 12:27 PM
කොහොමත් බීගෙන එලවනවට නම් දඬුවම් දුන්නට දොස් කියන්න බැහැ. ඒත් නීතිය සියලු දෙනාට එක වෙන්න ඕනේ. ඕන තරම් අනිත් රියදුරුලවත් අල්ලලා තියනවනේ පොලිසියට දොස්ම කියන්න හොඳ නැහැ.