IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘බොනවිස්ටාවට අධ්‍යාපන ඇමැති ආ එක විහිළුවක්‘ - චන්දිම වීරක්කොඩි

(නිමල් අල්ගෙවත්ත)

ශ්‍රීලනිපයේ හා එජාපයේ සංවිධායකවරු දෙන්නාම  දන්නේ නැතිව අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා ඇවිල්ලා හබරාදුවේ බොන්විස්ටා විද්‍යාලය නිරීක්ෂණය කරනවා නම් ඒක විහිළුවක් යැයි වෘත්තීය පුහුණු හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද(11) පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී පැවසීය.

හබරාදුව සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිවරුන් වන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ සහ හබරාදුව එජාප සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

‘මේ ආසනයේ පක්ෂ භේදයක් නැතිව හොදින් අපි වැඩ කරගෙන යනවා. එහෙම එකේ මේ ආසනයේ සියලු වැඩ කරන දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් කිසිකෙනෙක් දන්නේ නෑ. අධ්‍යාපන ඇමැති මෙතනට එනවා. ඉතින් අපි ඉන්නේ මොකටද? මෙහෙම වුනාම මම සැකකරනවා එජාප සංවිධායක තමයි මේ වැඩේ කළේ කියලා. එතුමා සැක කරනවා මම කැබිනට් එකේ දී මොකක් හරි ඩීල් එකක් දාගෙන කැබිනට් අධ්‍යාපන ඇමැති ගෙනවා කියලා. නමුත් හොඳ වෙලාවට එජාප සංවිධායක මට කතා කළා. එතුමා දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ. කැබිනට් අධ්‍යාපන ඇමැති මේ ආසනයට ඇවිල්ලා.

 

හබරාදුව එජාප සංවිධායක හබරාදුව සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති චන්ද්‍රලාල් අබේගුණවර්ණ මහතා කියා සිටියේ ‘‘අකිල විරාජ් ඇමැතිවරයා මට කතා කරලා ඇහුවා ඇයි ආවේ නැත්තේ කියලා. මම එතුමාට කිව්වා මමත් ඇමැති චන්දිමත් මේ ගැන දන්නේ නෑ කියලා. එතකොට එතුමා කිව්වා දන්නවා නම් මම කීයටවත් ඔතනට එන්නේ නෑ කියලා. ඇයි මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ‘‘ යනුවෙනි.

හබරාදු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා තක්ෂිලා ජයසේකර මහත්මිය එහිදී මෙසේ කියා සිටියාය.

‘‘හබරාදුව බොන්විස්ටා එකේ විදුහල්පතිවරයා විදුහල්පති රැස්වීමට එන්නේ නෑ. අනිත් රැස්වීම්වලට එන්නේ නෑ. මම කොහොම ද ගුරුතුලනය ගැන වාර්තා දෙන්නේ. අපි එක්ක ඒ විද්‍යාලය කිසිදු සම්බන්ධකමක් පවත්වන්නේ නෑ. අපේ කොට්ඨාසයේ තිබුනට ඒ පාසල එක්ක මට වැඩ කරන්න බෑ. මම මාණ්ඩලික නිලධාරියෙක් විදියට ඒ පාසල ගැන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒ නිසා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිඛිතව දැන්වුවා මේ පාසල සම්බන්ධයෙන් මම සොයා බලන්නේ නෑ කියලා‘‘

වෘත්තීය පුහුණ හා නිපුනතා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ ‘ඒක ඔබතුමියලන්ගේ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නේ. දැන් අද ඒ විදුහල්පතිවරයා මේ රැස්වීමට ආපු නිසා ඉදිරියේ දී එයි මම හිතන්නේ. අපිට ප්‍රශ්නයක් නෑ බොන්විස්ටා එකේ ඉඩ තියේනම් ළමයි ගත්තට. නමුත් රජයේ ප්‍රතිපත්තිය අනුව වැඩ කරන්න ඕන. පාසලක් හැදිලා තියන තැන ද්වීතියික පාසල් අස්සේ තව එක එක්කෙනාට ඕන විදියට පාසල් ගෙනත් දානවා. ඔය පටන් ගන්න පාසල් වල රජයේ ප්‍රතිපත්යේ නැති වුනාම කවුද දැන් කරන අය නැති වුනාම ඕවා කරන්නේ. කෙහොම වුනත් ඉදිරයේ දී වැඩ කරන කොට සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරලා වැඩ කරන්න‘ යනුවෙනි.



අදහස් (8)

‘බොනවිස්ටාවට අධ්‍යාපන ඇමැති ආ එක විහිළුවක්‘ - චන්දිම වීරක්කොඩි

himal Monday, 11 September 2017 07:25 AM

මේ වෙලා තියෙන්නේ තමන්ගේ මාන්නය ගැන ප්‍රශ්නයක්. රටේ අධ්‍යාපන ඇමති තමන්ගේ අමාත්‍යංශය යටතේ තියෙන පාසලක් නිරීක්ෂණයට යනවා. ඒක රාජකාරි වැඩක්. දේශපාලන ‍රැස්වීමක් තියන්න ආවා නම් සංවිධායකලට කියලා එන්න තිබ්බා. මේ අර කමි‍ටු, මේ කමි‍ටු තියෙන්නේ වැඩ කරන්න මිසක් වැඩ අනන්න නෙවෙයි.

:       31       155

nilmini Monday, 11 September 2017 08:05 AM

මේ ඇමති සහ අනිත් දේශපාලකයා කතාකරන්නේ මොනවාද ? වැදගත් වෙන්නේ ඇමතිගේ පැමිණීමද දෙපාර්තුමේන්තුවේ කටයුතු සිදුවීමද ? දේශපාලකයන්ට අමුතු උමතුවක් ඇවිත්. අධ්‍යාපන ඇමති ඉස්කෝලවලට ඇවිත් බලන්නේ නැතුව හරක් මඩු බලන්නද ? නිලධාරීන් නීතිය කටයුතු කරන්න ඕන මේ නුගත් නාස්තිකාර දේශපාලකයෝ කියනවිදියටද ?

:       13       149

sachith Monday, 11 September 2017 08:13 AM

අධ්‍යාපන ඇමතිවරයාට ශ්‍රී ලංකාවේ ඕනෑම රජයේ පාසලකට යන්න අයිතිය තියෙනවා. එකට ඒ පාසැල අයිති ආසනයේ සංවිධායකවරු දැනුවත් කරන්න අවශ්‍ය නෑ. මේකෙන්ම තේරෙනවා අපේ රටේ දේශපාලඥයෝ මොන වගේ මානසිකත්වයකද ඉන්නේ කියල. එහම හිතල ආසනේට වැඩ කරනවානම් අපි මෙලහකට සිංගප්පුරුවටත් වඩා කරලා දියුණු වෙලා.

:       0       201

sahan Monday, 11 September 2017 10:29 AM

මහරාජාගේ කාලේ සද්දනැතිව හිටපු කෙනා දැන් චන්ඩියා වෙච්ච හැටි...

:       78       180

chathura Monday, 11 September 2017 10:31 AM

චන්දිම මහත්තයට ඊළග ඡන්දෙදි ඇපත් නැහැ, කලින් දිනුවේ දොඩන්ගොඩ මහතාගෙයි ,මහින්ද මහතාගෙයි නම විකුණලා. ඊළඟ ඡන්දෙදි මෙයා ළඟ ඉදපු මල ගෙවල් නියෝජිත මාදුගොඩ මහතාටත් පැරදිලා නවතින්නේ.....

:       1       173

amanda Monday, 11 September 2017 06:35 PM

කකුළුවා දගලන්නේ වතුර නටන තෙක් පමණි

:       0       0

ravin Tuesday, 12 September 2017 05:50 AM

ඇමති වරුන්ට අයිති විෂයන් ගැසට් මගින් වෙන්කරලා තියන බව නොදන්නා කෙනෙක් වගේ? කට ටිකක් අරිනකොට මොළේ හොඳටම අරින්න ඕනේ.

:       0       38

kumar (galf) Tuesday, 12 September 2017 08:23 AM

අධ්‍යාපන ඇමතිට පාසලකට යන්නේ අධ්‍යාපන නිළධාරීන්ගේ ආරාධනා අවශ්‍ය නෑ. ඉස්සර ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිව ඉන්නකාලේ රහස් චාරිකා කරලා තමා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හොරු අල්ලලා ඒක සුද්ධ කරලා විධිමත් ආයතනයක් කරේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site