(නිශාන්ත කුමාර)
බදුල්ල නගරය හා අවට ප්‍රදේශයන්හි වායුගෝලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රය තුල වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා පැවැසීය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ අධීක්ෂණය යටත් මෙම වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණය සවි කිරීමට පියවර ගෙන ඇත.
මෙම උපකරණය මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින සියුම් දුවිලි අංශු, කාබන්ඩයොක්සයිඩ්, උෂ්ණත්වය, ආර්ද්‍රතාව හා වායුගෝලීය පීඩනය පිළිබඳව දත්ත විශ්ලේෂණය කරනු ලබයි. සොභාදහමේ සියලු සංරචකයන්ට යහපත් වන ආකාරයට වායුගෝලයේ සියලු සංරචක සමතුලිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍යවන තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවද උදය කුමාර මහතා පැවැසීය.
මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ සිට ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කය හා තවත් බොහෝ දිස්ත්‍රික්කයන් ආවරණය කරමින් අහස තුල ව්‍යාප්ත වූ දුම් වලාවන් සමඟ ලත් අත්දැකීම් සමඟින් වායුගෝලයේ පවතින ගුණාත්මක භාවය අධීක්ෂණය කිරීමත් ඒවැනි තත්ව යටතේ බදුල්ල ප්‍රදේශය තුල සිදුව ඇති පාරිසරික වෙනස්කම් අධ්‍යයනය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම ඒකකය ස්ථාපිත කර ඇත.
චීනයේ, බංගලාදේශයේ හා ඉන්දියාවේ වායු ගෝලය තුල සිදුවන විවිධ වෙනස්කම් වල බලපෑම් ඍජු ලෙසම ශ්‍රී ලංකාවේ වායුගෝලය බලපාන හෙයින් මේ පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් සිටීම අනාගත අවදානම් තත්ත්ව කළමනාකරණයට ඉතා වැදගත් වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මෙහි තාක්ෂණික ඇගයීම දිගින් දිගටම අධීක්ෂණයට ලක් කරකරන බවත් උදය කුමාර මහතා වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක්