IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරෙයි

(නිශාන්ත කුමාර )

වැඩ නිමකර ජනතා අයිතියට පත්කළ බදුල්ල දෙමෝදර පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනිමට දෙමෝදර ප්‍රදේශයේ දී බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරී වාන් දමා ඇත. මීටර් 17 ක් උස වේල්ලකින් සමන්විත මෙම ජලාශයේ පරිමාව ඝන මීටර 132000 කි.
   
බදුල්ල, හාලි ඇල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශයන්හි  ග්‍රාම සේවා වසම් 42 ක පවුල් ලක්ෂයකට ආසන්න පිරිසකගේ පානීය ජල ගැටලුව විසදීමට රුපියල් මිලියන 11880 ක වියදමින්  ඉදිකළ  මෙම ජලාශය මගින් ජලය ඝන මීටර් 15000 ක් පිරිපහදු කරනු ලැබේ.

 



අදහස් (1)

බදුලුඔය හරස්කර ඉදිකළ ජලාශය පිරෙයි

නුවන් Friday, 03 November 2017 01:35 PM

මෙය ඉතාම හොඳ ව්‍යාපෘතියක් වුවද මෙහි භයානක පැතිකඩක් ද තිබේ. බදුලු ඔය හරහා ඉහල පදිංචිකරුවන් විසින් මුදාලන මළ අපද්‍රව්‍ය මෙන්ම වගා සදහා බහුලව යොදන කෘමි නාශක ද්‍රව්‍යද බහුලව වැස්සට සේදී පැමිණේ. ජල පිරිපහදුවේදී මළ අපද්‍රව්‍ය ඉවත් වුවද බැර ලෝහ ද්‍රව්‍යද අඩංගු රසායනික ද්‍රව්‍ය විදිමත් ලෙස ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එහෙයින් ජල පරිභෝජකයින් වකුගඩු රෝගය වැනි විවිධ රෝගාබාධ වලට මුහුණ දීමේ අවදානමක් ඇත. කෙසේ නමුදු කිසිදු පිරිපහදු කිරීමකින් තොරව දහස් ගණනක් ජනයා බදුලු ඔයේ ජලය දිනපතා නෑම් ආදී කටයුතු වලට භාවිතා කරයි. ඊට වඩා පිරිපහදු කල ජලය පරිභෝජනය වඩාත් ආරක්ෂාකාරී බව කිව යුතුය .

:       36       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site