(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ 100ක් තලෙයිමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේදී අද (26) සොයා ගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
හිමිකරුවකු නොමැති පාර්සල් දෙකක් උරුමලෙයි මුහුදු තීරයේ තිබෙන බවට තලෙයිමන්නාරම පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී බීඩි කොළ තොගය සොයාගෙන තිබේ.
සොයාගත් බීඩි කොළ තොගයේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවද පොලිසිය පවසයි.
ජලය කාන්දු නොවන අයුරින් ඉටි මළු දෙකක් තුළ අසුරා මෙම බිඩි කොළ තොගය අසුරා තිබූ අතර කිසියම් ප‍්‍රදේශයකට රැගෙන යාම සඳහා මෙය සූදානම් කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
බීඩි කොළ තොගය රැගෙන ආ පුද්ගලයින් ආරක්ෂක අංශ දැක වෙරළේ අතහැර පලා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
සොයාගත් බීඩි කොළ තොගය අද (26) මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩි කොළ තවත් කිලෝ 100 ක් ඌරුමලෙන් සොයා ගනී