(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කිරුලපන නන්දමිත්‍ර පෙදෙසේ නවාතැන්පොළක පෙට්ටියක බහා වැඩි පරිස්සමට තබා තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා විදුලි උපකරණ සොරාගත් බෝඩිමේ හිමිකාරියගේ පුත්‍රයා අද ( 10 ) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය කියයි
සැකකරු එලෙස සොරාගත් අධි පීඩන ඩ්‍රිල් යන්ත්‍ර කීපයක් ,ලී කපන මැෂිමක් ,තෙකලා විදුලිය සඳහා යොදාගන්න මිටර් 150 වයර් රෝලක් ,ඇලුමිනියම් කටර් යන්ත්‍ර දෙකක් හා රූපවාහිනී යන්ත්‍රයක පොලිස් භාරයට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක ඉදිකිරීම් කටයුතු වල නිරත දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු එම නවාතැනෙහි සිටින අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සිදු නොකළ බැවින් සියලුම විදුලි උපකරණ බෝඩිමේ කාමරයක පෙට්ටියක බහා එයට අගුළු දමා බෝඩිම ද වසා දමා ඉකුත් ඔක්තෝම්බර් මස 28 වැනි දින ගම් ප්‍රදේශය කරා පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි .
එම පිරිස ඉකුත් 8 වෙනි දින බෝඩිම වෙත පැමිණීමේ දී වසා දමා තිබූ දොරවල් ද විවෘත කර තිබූ අතර කාමරයට ගොස් තවදුරටත් සෝදිසි කිරීමේදී විදුලි උපකරණ බහා අගුළු දමා ගිය පෙට්ටිය ද විවෘත කර තිබුණ අයුරු දැක ගැනීමට හැකි වූ බැවින් එහි දමා තිබූ විදුලි උපකරණද නොමැති බවට දැකගත හැකි වී තිබූ බව පොලිසිය කියයි .
ඒ පිළිබඳ බෝඩිමේ හිමිකාරිය ගෙන් විමසීමේදී පැහැදිලි පිළිතුරක් නොදීම හේතුවෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී එම සොරකම සිදුකර ඇත්තේ බෝඩිමේම හිමිකාරියගේ පුත්‍රයා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරා ගත් එම විදුලි උපකරණ රුපියල් 10000 කට , රූපවාහිනි යන්ත්‍රය රුපියල් 3000 කට කිරුළපන ප්‍රදේශයේ භාණ්ඩ කුලියට ලබා දෙන ස්ථානයකට විකුණා ඇත්තේ ඔහු සේවය කරන ආයතනයෙන් අඩුම මුදලකට ලබා ගත් බවට ව්‍යාජ තොරතුරු පවසා බව සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙලි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
වයස අවුරුදු 23 ක් වන සැකකරු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙක් බවත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ක සිට මීට දෙමසකට පෙර පැමිණි අයෙක් බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි .
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
688
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2359
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝඩිමේ ඇන්ටිගේ පුතා ලක්ෂ තුනක විදුලි උපකරණ සොරාගනී