ජුඩ් සමන්ත
හලාවත - ආණමඩුව මාර්ගයේ බංගදෙණිය,වෙහෙරකැලේ ප්‍රදේශයේදී අද (26) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
ආණමඩුව දෙස සිට හලාවත දෙසට ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් තිබූ තවත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රිය සහායකවරයා සහ අනෙක් ලොරියේ ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් තුවාල ලබා ඇත. ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රියදුරු අනතුරින් පසුව පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අනතුරින් පසුව පිටුපසට විසිවී ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී නැවතී ඇත. එම ලොරියේ ගවයින් 5 දෙනෙකුගේ මස් තිබී සොයා ගෙන තිබේ. එම මස් ප්‍රවාහනය කිරීම සදහා ලොරියට බලපත්‍ර තිබුනේ යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත.
ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති අයගෙන් ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංගදෙණියේ ලොරි අනතුරකින් තිදෙනෙක්ට තුවාල