කොච්චිකඬේ පොලිස් වසමේ, පාසල් මාවත, ඔවිටියාවත්ත ප‍්‍රදේශයේදී නීතිවිරෝධීව පොල් රා නිෂ්පාදනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බාළකා කඳවුරේ නිලධාරීහූ සමත් වූහ.
බලපත‍්‍ර උල්ලංඝණය කරමින් පොල් රා නිෂ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවත් එහිදී ගෝඩා ලීටර් 4000 ක් සහ මිලිලීටර් 625 ප‍්‍රමාණයේ පොල් රා බෝතල් 2760 ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 28 හැවිරිදි බවත් සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ෂන සඳහා මිගමුව සුරාබදු ස්ථානය වෙත පුද්ගලයන් සහ උපකරණ බාරදුන් බවත් පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.