IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පොළොව යට සඟවා තිබූ කඳන් ගොඩ ගනි

(රෝහණ සමරවීර)

වැලිගෙපොල දඹගහවෙල  කුඩාව ඔය රක්‍ෂිතයේ පරිසර පද්ධතිය විනාශ කරමින් වැලි කැණීමේ යෙදුණු පුද්ගලයන් පිරිසක් එම රක්‍ෂිතයේ තිබුණු කුඹුක් ගසක් ජේසිබී යන්ත‍්‍ර උපයෝගි කරගෙන ගලවා කුටිටිකර පොළොව යට වලලා තිබියදී වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්  සහ වැලිගෙපොල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ගොඩගනු ලැබීය.
 
 ප‍්‍රදේශවාසීන්  පිරිසක් විසින්  තමන්ට ලබාදුන් තොරතුරක් වැලිගෙපොල පොලිසියේ ස්නානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලෙස්ලි හෙටිටිආරච්චි මහතාට දන්වා ග‍්‍රාම නිලධාරීන් හා පොලිසිය ඒකාබද්ධ කරගෙන මෙහෙයුම සිදු කළ බව වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් අනුරුද්ධ ජයකොඩි මහතා එහිදී පැවැසීය.
 
කුඩාව ඔය රක්‍ෂිතයට යාබදව පිහිටි පෞද්ගලික ඉඩමකට ලබා ගෙන ඇති වැලි කැණීම් බලපත‍්‍රයක් අවභාවිතා කරමින් එම රක්‍ෂිතය විනාශ කරමින් වැලි කැණීම් සිදුකර තිබෙන බවත්  ඒ අතරතුරු එම පුද්ගලයන්  කුඔුක් ජාවාරමේ යෙදී ඇති බවට සැක කරන  බව ලේකම් වරයා වැඩිදුරටත්  පැවැසීය.
 
එම රක්‍ෂිතය විනාශ නොකරන ලෙස එම පුද්ගලයන්ට මීට පෙර කීප වතාවක් අවවාද කළද එය නොසලකා  දිගටම රක්‍ෂිතය විනාශ කර ඇති බවත් එම නිසා නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට අදාල අංශ වලට දන්වා සිටින බව  ප‍්‍රාදේශීය ලේකම් වරයා  පැවැසීය.
 
මේ සම්බන්ධයෙන් රක්‍ෂිතයට යාබද ඉඩමේ වැලි කැනීම් බලපත‍්‍ර කරුවෙක් සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් එම පුද්ගලයා මේ වනවිට පොලිසිය මග හරිමින් සිටින බව වැලිගෙපොල පොලිසිය පවසයි.
 
වැලි කැණීම් බලපත‍්‍රය ලබා දීම සදහා කටයුතු කර ඇති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතු`එ රජයේ ආයතන  වසරකට අධික කාලයක සිට එම ස්ථානය නිරීක්‍ෂණය නොකර වැලී කැණීම් සිදු කිරීම සදහා එම පුද්ගලයන්ට  රිසිසේ ඉඩ සළසාදීම හේතුවෙන් මෙවැනි  විනාශ  සිදු කරන බව පරිසරවේදීහු පවසති.
 
වැලි කැණීම් සිදු කරන බව කියන තැනැත්තෙක් එම ස්ථානයේදි පැවැසුවේ ඒ අසළින් ගලා බසින කුඩාව ඔයට වැටී තිබූ කුඹුක් ගසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම පමණක් සිදුකළ බවත් එය තමන් ජාවාරමක් ලෙස සිදු නොකළ බවයි.

 



අදහස් (0)

පොළොව යට සඟවා තිබූ කඳන් ගොඩ ගනි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2442 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site