IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොළොන්නරුවේ රාජකීයට දරුවන් ඇතුළු කරගන්නැයි අදත් උද්ඝෝෂණ

(ක. ග. කරුණාරත්න)
 

පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ තම දරුවන් සිසුන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් දෙමාපියෝ දෙවැනි දිනයටත් අද (29) උද්ඝෝෂණයක නිරත වූහ.                                             
මෙම විරෝධතාවට 300ක පමණ දෙමව්පියෝ පිරිසක් ද පාසැල අහිමි වූ දරුවෝ ද උද්ඝෝෂණයට එක්ව සිටියහ.


පොළොන්නරුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව අසළ පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් එහි මාර්ග අවහිර වූ බව පොලිසිය කියයි.
 
පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තම දරු දැරියන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමෙන් පසු 6 ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සුදුසු පාසැලක් නොමැතිකමින් දැනට මාසයක පමණ කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව නිවෙස්වල රැදී සිටින බවද උද්ඝෝෂණයේ නිරත මාපියෝ පැවසූහ.
 
මේ ගැටළුවට ඉක්මණින් නිසි විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කරවන ලෙස ද ඔවුහු වැඩි දුරටත් ඉල්ලා සිටිති. 



අදහස් (0)

පොළොන්නරුවේ රාජකීයට දරුවන් ඇතුළු කරගන්නැයි අදත් උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site