IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොළොන්නරුවට නව දිසාපතිවරයෙක්


 
                                  
ක.ග කරුණාරත්න
 
පොලොන්නරුව නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (16) සිය තනතුරේ වැඩ බාර ගත්තේය.


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර බදුල්ල, මහියංගණය සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, ඌව පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ලෙස සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත.


පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා නව තැපැල්පතිවරයා ලෙස ඉකුත් 15 වෙනි දින වැඩ බාර ගත්තේය.


නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩබාර ගත් ප්‍රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුවේ 25 වැනි දිසාපතිවරයා වේ.  



අදහස් (0)

පොළොන්නරුවට නව දිසාපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site