IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පැහැරගෙන ගිය අය සොයාදෙන්නැයි විරෝධතා

(ඩී.ජී.සුගතපාල ,සුමතිපාල දියගහගේ)
රත්ගම රත්නඋදාගමදි පසුගිය 23 වනදින පැහැරගෙන ගිය පුද්ගලයින් දෙදෙනා සොයාදෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතින් ඇතුලු ගම්වාසින් විසින් අද (26) දහවල් රත්ගමදී විරෝධතාවක් පවත්වන ලදී.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ රත්ගම රත්නෝදාගම පදිංචි 33හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ 30 හැවිරිදි ධිවරයෙකි.
පසුගිය 23 දින උදැසන 9.30ට පමණ සුදුපැහැති මෝටර්  රථයකින් සහ නිල්පැහැති වෑන් රථයකින් පැමිණි පොලිස් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක් ගිනි අවි අතැතිව පැමිණ මෙම දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති බවට ඔවුන්ගේ ඥාතින් විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

පැහැරගෙන ගොස් ඇති දෙදෙනාගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන්  කොළඹ මාතර ප්‍රධාන මාර්ගය අවහිර කිරිම නිසා ගමනාගමනයටද බාධා පැමිණ තිබින.

පසුව එම ස්ථානයට පැමිණි ගාල්ල සහකාර පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කටයුතු රත්ගම පොලිසියෙන් ගාල්ලට ගත් බවත් මේ පිළිබඳව සතියක් ඇතුළත තොරතුරක් ලබාදෙන බවත් පැවසිමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (0)

පැහැරගෙන ගිය අය සොයාදෙන්නැයි විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32059 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14523 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11248 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 34 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site