IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් පරීක්ෂකවරයා හප්පා පලා ගිය රියදුරු අත්අඩංගුවට

 

(දයාරත්න ඇඹෝගම)

මිහින්තලේ පලුගස්වැව ආසන්නයේ යතුරු පැදියකින් ගමන් ගත් පොලිස් පරික්ෂකවරයෙකු බවුසරයේ හප්පවා බරපතල තුවාල සිදුකර පලා යමින් සිටි එම බවුසර් රියදුරා අද (01) දින අලුයම කැකිරාව නගරයේදි අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ නුවරඑළිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු නුවන් ජයවර්ධන (36)නැමති පොලිස් පරික්ෂකවරයෙකි. 

ඔහු මඩාටුගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මිට සති කිහිපයකට පෙර අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණ ජිවිතාරක්ෂක භටයෙකු ලෙස තාවකාලිකව සේවයේ නිරතව සිටින අයෙකි.

ඔහු අද (01) දින අලුයම මිහින්තලේ සිට ගල්කුලම දෙසට  ඒ නවය මාර්ගයේ යමින් සිටියදි එම දෙසටම ගමන්කල බවුසරයක ගැටිමෙන් අනතුරුව තුවාල ලබා  අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කැරිණි.

පොලිස් පරික්ෂකවරයා බවුසරයේ හප්පවා රියදුරා පළා ගොස් තිබු අතර රියදුරා පලා යමින් සිටියදි පැයකට ආසන්න කාලයක් තුලදි ඔහු අත් අඩංගුවට ගැනිමට කැකිරාව පොලිසිය සමත්විය.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි  මෙම  බවුසරයේ රියදුරා අද  (01) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අදහස් (0)

පොලිස් පරීක්ෂකවරයා හප්පා පලා ගිය රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31621 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14025 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11097 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site