IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාර හදා දෙන්නැයි පාරදෙක ගම්වැසියෝ උද්ඝෝෂණයක

ශාන්ත චන්ද්‍රසිරි
 
පාරදෙක - දොරගල මාර්ගය සකසා දෙන ලෙස ඉල්ලමින් මහනුවර-නුවරඑළිය මාර්ගය පාරදෙක ප්‍රදේශයේදී හරස් කරමින් ගම් වැසියෝ විශාල පිරිසක්   අද (21) උද්ඝෝෂණයක නිරතවුහ.
 
පාරදෙක නගරයේ සිට දොරගල දක්වා වැටී ඇති කිලෝ මීටර් 17 පමණ දුර මෙම මාර්ගය වසර 40 ක පමණ කාලයකින් අලුත්වැඩියා කර   නොමැති බවත් මේ නිසා වතු පහක කම්කරුවන් ඇතුළු එම මාර්ගය භාවිතා කරන ගම්මාන රැසක ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ පා ඇති බවත් උද්ඝෝෂකයෝ කීහ.
 
මෙම මාර්ගය මෙසේ දැඩි ලෙස අබලන්ව පැවැතීම නිසා ගොවි ගම්මාන රැසක ගොවි ජනතාව තම වගා අස්වැන්න විකුණා ගැනීමට වෙළෙඳ පොළට රැගෙන යෑමේදි දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයිද ඔවුහු පැවසූහ.
 
මාර්ගය භාවිතා කරනු ලබන  ගම්මානවල හා වතුවල කම්කරුවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් පැය දෙකක පමණ කාලයක් අධික වර්ෂාවේ තෙමමින් මහනුවර- නුවරඑළිය ප්‍රධාන මාර්ග අවහිර කොට උද්ඝෝෂණයේ නිරතව සිටීම නිසා එම මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණි.



අදහස් (0)

පාර හදා දෙන්නැයි පාරදෙක ගම්වැසියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site