
(ඉන්දික අරුණ කුමාර)
මාර්ග සංවර්ධන අමාත්‍යංශය මගින් කිලෝ මීටර් ලක්ෂයේ විකල්ප සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ - නාඋල, මාරාගමුව හංදියේ සිට දඹගොල්ල දක්වා සංවර්ධනය කිරිමට නියමිත මාර්ගයේ වැඩ ආරම්භ කර නැතැයි පවසමින් ගම්මාන රැසක පිරිස් අද(16) උද්ඝෝෂණයක නිරත වූහ.
හැළඹගහවත්ත හංදියේ සිට පිරිස් යතුරුපැදි සහ වෙනත් වාහ භාවිත කරමින් කිලෝමීටර් තුනක පමණ දුරකින් පිහිටි නාඋල සිට ඇලහැර දක්වා දිවෙන මාර්ගය සම්බන්ධ වන මාරාගමුව හංදියට එක්වූහ.
මාර්ගයේ වැඩ ආරම්භ කිරිම් සිදුකිරිම සදහන් ජනාධිපති වරයා ඇතුළු අග්‍රාමාත්‍ය වරයා සහ සෙසු මැති ඇමතිවරුන්ගේ රුව සහිත ප්‍රචාරක පුවරුව පැවති ස්ථානයෙන් ඉවත්කළ උද්ඝෝෂකයෝ එය ප්‍රධාන මාර්ගයට රැගෙන විත් විරෝධතාවයේ නිරත වූහ.
අදාල පුවරුවේ ප්‍රදර්ශනය කර තිබු වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රුව වල් වලට අතින් පයින් පහර දෙමින් උද්ඝෝෂකයින් කියා සිටියේ පොරොන්දු වූ පරිදි සිය මාර්ගය පිළිසකර කිරිම සිදුකර දෙන ලෙසයි.
පැයක පමණ කාලයක් ඇලහැර මාර්ගයේ වාඩි ලා ගනිමින් පිරිස විරෝධතාවයේ නරත වූ අතර නාඋල පොලිසියේ නිලධාරින් පැමිණ ඇලහැර මාර්ගයේ දෙපස නවතා තබු රථ වාහන පිටත් කර හැරිමට උත්සහ කළ ද උද්ඝෝෂකයෝ ඊට ඉඩ ලබා නොදෙන ලදි.
උද්ඝෝෂණ තත්ත්වය හේතුවෙන් ඇලහැර මාර්ගයේ නාඋල සිට පැමිණි රථ වාහන හා මොරගහකන්ද දෙසින් නාඋල දෙසට ගමන් කිරිමට පැමිණි වාහන පෝලිම කිලෝ මීටරයක් දක්වා පමණ දුරකට ගමන් කිරිමට නොහැකිව නවතා තිබුනි.
පැයක පමණ කාලයක් උද්ඝෝෂකයෝ මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව සතියක කාලයකින් සිය ගැටළුව විසදීමට පාලකයින් අපොහෝසත් වුව හොත් මීටත් වඩා දැවන්ත විරෝධතාවක් සංවිධාන කරන බව කියා සිටියහ.


2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර හදා දෙන්නැයි නාවුල ගැමියෝ පාරට