ඩබ් ඒ පියතිලක
ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පුදුර් ගම්මානයට ආසන්නයේ පිහිටි පෙරියාරු ගඟ තුළ රෝගීව සිටි වනඅලි පැටියකු මඩේ එරී සිටි අවස්ථාවේ දී ගොඩට ගැනීමෙන් පසු අද (28) මියගිය බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි.
පොලොන්නරුව වනජිවී කාර්යාලය පවසන පරිදි පුදුර් ගම්මානයේ වැසියකු විසින් වනඅලි පැටියෙක් පෙරියාරු ගඟේ මඩේ එරි සිටින බව දැනුම් දීමෙන් පසු එම ස්ථානයට වනජිවි නිලධාරින් ගොස් ප‍්‍රදේශවාසීන් හා එක්ව මහත් පරිශ‍්‍රමයක් දරා රෝගී අලි පැටියා ගොඩට ගෙන ඇත.
මේ වන විට වනජිවි නිලධාරින් විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය කි‍්‍රයාමාර්ගය ද අතහැර වනඅලි පැටියාගේ ජිවිතය බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරූ බවයි.
පසුව එම ස්ථානයට ති‍්‍රකුණාමලය පොලොන්නරුව වනජිවී කළාපය භාර ගිරිතලේ වනජිවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ පශු වෛද්‍ය කේ ඒ එස් එස් කලිගුආරචිචි මහතා පැමිණ වනඅලි පැටියා පරික්ෂා කිරිමෙන් පසු මෙසේ පැවසීය.
‘වයස අවුරුදු අටක් පමණ උස අඩි පහක් පමණ වනඅලි පැටියකු බවත් මේ අලි පැටියා රෝගී තත්වයකින් පසුව සිටි බවට පැහැදිලි කරුණු කීපයක් පිටතින් දක්නට තිබෙන බවත් රෝගී තත්ත්වය හමුවේ මේ අලි පැටියාට එරුණු ස්ථානයෙන් ගොඩ පැමිණීමට නොහැකි වීම මත මිය යන්නට ඇතැයි සැක පළ කරන බවයි.’


2025 දෙසැම්බර් මස 18
409
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරියාරු ගඟේ එරී අලි පැටියෙක් මරුට