ටෝනි කරුණානායක
මිනුවන්ගොඩ, කටුවැල්ලේගම කම්හලකින් සොයාගත් මනුෂ්‍ය පරිභොජනයට නුසුදුසු පොල් කිරි ටින් 1000 ක් විනාශ කිරීමට නියෝග කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඒවා ගබඩාකරගෙන සිටි සැකකරුට රුපියල් 5000 ක දඬයක් ද නියම කළාය.
ලේබලයක් නොමැතිව විකිණිමට සුදනම් කර තිබූ වතුර බොතල් 876ක් ද එම ගබඩාවේ තිබී සොයා ගත් අතර එම චෝදනාවට සැකකරුට රුපියල් 2000 ක දඬයක් නියම කැරිණි.
මෙලෙස දඩ නියම වුයේ රණතුංග අරච්චිලාගේ රුවන් අසේල නම් පුද්ගලයකුටය.
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල්ඉකුත් වූ ටින් කරන ලද පොල් කිරි මිනුවන්ගොඩ කටුවැල්ලේගම ,මහයායවත්ත, පිහිටි කර්මාන්ත ශාලාවකට රැගෙනවිත් ඒවායේ ඇසුරුම්වල සඳහන් කල් ඉකුත් වීමේ දිනය විකෘති කර පරිභෝගිකයන්ට වීකිණිමේ ජාවාරමක් ගෙන ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම කර ඇත.
දාගොන්න මහජන සෞඛ්‍ය පරිකෂක සී.එස්. අමරදාස මහතා අධිකරණය හමුවේ විත්තිකරුට විරුද්ධව නඩු පවරා තිබුණි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරන පොල්කිරි ටින් විකුණන්න ගිය සැකකරුට දඩ