IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට

 
 
 
චමිල් රූපසිංහ
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාර්ගයේ අල්විස් වටරවුම අසල දී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයන් දෙදෙනකු එහි දිය පොකුණේ ගැටී අද (20) අලුයම මිය ගිය බව පේරාදෙණිය පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ පිළිමතලාව කිරිවවුලේ පදිංචි ප්‍රසන්න කැලුම් (36) හා තම මිතුරා වු අජිත් කුමාර (36) නම් විවාහකයෙකි.


අද (20) අලුයම 1.00 ට පමණ මෙම තරුණයන් දෙදෙනා ගැටඹේ ඇසල මේලා සැණකෙළිය නරඹා තම මිතුරෙකු හමුවීම සඳහා පේරාදෙණිය සිට පේරාදෙණිය විශ්ව විද්‍යාල මාර්ගයේ හිදගල දෙසට ගමන් ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.


යතුරුපැදිය එහි ඇති දිය පොකුණේ පැති බැම්මේ වැදී තරුණයන් දෙදෙනා දිය පොකුණට වැටී ඇත.


එහි සිටි පිරිස් විසින් තරුණයන් දෙදෙනා රෝහල් ගත කිරිමට පෙර ද මියගොස් සිටි බව ඔවුහු පවසති.


පිළිමතලාව කිරිවවුල ප්‍රදේශයේ  පදිංචි මෙම තරුණයන් දෙදෙනා පාසල් වියේ සිටම එකට පාසල් අධ්‍යාපනය ලබා ඇති බවත් සියලු කටයුතු දෙදෙනාම එකට කිරිමේ පුරුද්දක් ඇති බව ගම්මු කියති.


මේ වන විට මෘත ශරීර දෙක පේරාදෙණිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



අදහස් (0)

පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site