IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කරයි

ක.ග කරුණාරත්න 
 
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය අද (09) දහවල් වනවිට පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා  එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ හේවාගම මහතා පවසයි.

 
මෙම වාන් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයකට ඝන අඩි 560 ක ජල ධාරිතාවක් ජලාශයෙන් පිටවන බව ඒ මහතා කීය.
 
වර්ෂාව තවදුරටත් අඛණ්ඩව පැවතුණහොත් තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවනු ඇතැයිද කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක වරයා සඳහන් කළේය.



අදහස් (1)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කරයි

shan saudi Monday, 09 April 2018 03:17 PM

මේ විදිහට වාන් දොරටු අරින්න වෙන්නේ නැහැ ජලාශයේ නියමිත ජල පරිමාව දාරගන්න හැකි විදිහට ජලාශය ප්‍රතිසංස්කරණය කලා නම්. එදා අක්කර අඩි 150,000 පිරුන මේ මහා ජල කද අද අක්කර අඩි 100,000 වත් පිරෙන්නේ නැහැ වාන් දානවා. මාස 4 පායනකොට වගා බිම් වේලෙනවා දෙන්න ජලය නැහැ. කෝටි ගණන් වැඩකට නැති දේවල් වලට පාර්ලිමේන්තුවේ ඉන්න අයට කාර් ගන්න වියදම් කරනවා. රටටම බත සපයන කුබුරු ගොවිතැනට අවශ්‍ය ජලය වසර පුර ලබා දෙන්න. රටට ආදරයක් නැති වෘත්තිමය සේවකයන්ගෙන් හා දේසපාලන හෙන්චයියන්ගෙන් රටේ මෙවන් ආයතන පිරී යාම නිසා අපේ රට දිනක ඉතියෝපියාවට වඩා එහා තැනකට වැටෙනවා. එදා රජවරු නිර්මාණය කල කිසිම ජලාශයක් අද ඒ අයවලුන් නිමාණය කල සම්පුර්ණ ජල පරිමාවෙන් 60% වත් හරියාකාරව පුරවා ගන්න හැකියාව නැතිවෙලා තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31626 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14041 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site