IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පඹුරණ දුම්රිය මාර්ගය හරස්කර විරෝධතාවයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

 

මාතර පඹුරණ අබේගුණරත්න මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහූ පිරිසක් අද (19) මාතර - කොළඹ මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ.

විශේෂයෙන්ම මේ නිසා මහනුවර සිට මාතර බලා යාමට පැමිණි අංක 40 දරණ සීඝ්‍රගාමී දුම්රිය එම ස්ථානය ආසන්නයේ දී නතර කිරීමට සිදු විය.

පැයක පමණ කාලයක් ගත වන තෙක් දුම්රිය ධාවනය කිරීමට නොහැකිවීම නිසා එම දුම්රිය ආපසු කඹුරුගමුව දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට දුම්රිය බලධාරීන් ක්‍රියා කළේය.

මීට සතියකට පමණ ඉහතදී ද මෙම ස්ථානයේ දී මෝටර් රථයක් රුහුණු කුමාරි දුම්රියේ හැපීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ දියණිය හා මස්සිනා බරපතල තුවාල ලැබීය.

අදාළ දුම්රිය හරස් මාර්ගය දෙපස අනතුරු ඇඟවීමේ ලා හා ආලෝක සංඥා පද්ධතියක් ද සවිකර තිබෙන අතර ඇතැම් විට දුම්රිය නොපැමිණෙන අවස්ථා වලදී පවා එය ක්‍රියාත්මක වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම නිසා වහා දුම්රිය ආරක්ෂිත ගේට්ටු සවි කර තම ජීවිත සුරක්ෂිත කර දෙන ලෙසට ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

පැය දෙකක පමණ කාලයකින් පසු විරෝධතාකරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවත් වී විසිර ගියහ.



අදහස් (0)

පඹුරණ දුම්රිය මාර්ගය හරස්කර විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site