IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා

සිතුම් චතුරංග

මුලතිව් , කෝකිලායි ආලම්පිල් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් විසදීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රකෝපවූ පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ එම නිලධාරීන් මාංචෝලේ රෝහලට ඇතුළත්කර ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මුලතිව් කෝකිලායි පොලිස් මුරපොළ වෙත ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයට ගිය පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ප්‍රකෝපකාරීව හැසිරුණු පිරිසක් පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

එලෙස පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ පොලිස් සැරයන් සුභසිංහ බංඩාර හා කොස්තාපල් බාලසංහිඳන් නැමති කෝකිලායි පොලිස් මුරපොළට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ පහරදුන් පිරිස මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය.

මේ වන විට හදුනාගෙන ඇති බවත් පහරදීම සිදුකළේ කුමන හේතුවක්මතද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද පැවසීය.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නිලධාරීන්ගේ තත්වය බරපතල නොවන බවද සුළු තුවාල පමණක් සිදුව ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (0)

පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site