තිස්ස කොටින්කඩුව
වත්තල පමුණුගම ආහාර ගබඩාවක ගබඩාකර තිබු පරිභෝජනයට නුසුදුසු කිලෝ ලක්ෂයකට වැඩි ලොකු ලූනු තොගයක් අත් අඩංගුවට ගත් බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද තොතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.
පසුගිය සිංහල අලුත් අවුරුද්ද සහ ලග එන වෙසක් උත්සව සමයේ මහජනතාවට විකිණිමට අරමුණ කරගනමිිින් කන්ටේනර් 6 ක බහා හොද ලූනු සමග මිශ‍්‍ර කර මේ ලූනු තොගයද මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබි ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා පවසා සිටියේය.
සිද්ධියට සමිබන්ධ සැකකරු සහ පැමිණිල්ල වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති පරිභෝජනයට නුසුදුසු ලූනු තොගය වහාම විනාශ කර දැැමිමටත් සැකකරු ලබන ජුනි මස 27 දින නැවත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් වත්තල මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රි රාගල මහතා නියෝග කොට ඇත.
අධිකරණයේ නියෝගය පරිදි වත්තල මාබෝල ප‍්‍රාදේශිය සභා කොටිඨාසයේ පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කසල අංගනයේදි ඉකුත් (02) නරක්ව තිබු ලූනු තොගය විනාශ කිරිමට කටයුතු යෙදු බව වරුණ අමරසේකර මහතා පැවසිය.
මෙම වැටලීම වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කර්යාලයේ වෛද්‍ය නිලධාරි සී අසුන්පටිටා මහත්මියගේ උපදෙස් මත වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පිරිසක් විසින් සිදුකොට ඇත.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පමුණුගම ආහාර ගබඩාවකින් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූනු තොගයක් අත්අඩංගුවට