IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැන ගිය සිරකරු වසර 15 කට පසු අත් අඩංගුවට

(චන්ද්‍රසේන ගමගේ)


මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වී සිර දඩුවම් විදිමින් සිටියදී තංගල්ල බන්ධනාගාරයෙන් පැන ගොස් වසර 15 ක් සැගව සිටි අයෙකු වලස්මුල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් මාවනැල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලීසිය පවසයි.


මාතර හා හම්බන්තොට දෙදිසාවේ නියෝජ්‍ය පොලිස් පති ඊ.එම්. යූ. විජිත ගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව  අත් අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත අගුලමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි කෝංගහගොඩ දුරගේ චන්දන සූජීව නම් 34 වියේ පසු වූ සිරකරු බව පොලීසිය පවසයි.


තංගල්ල බන්ධනාගාරයෙන් 2003 වසරේදී සිරකරුවන් හය දෙනෙකු පැන ගිය බව පවසන පොලීසිය එම හය දෙනා අතර අත් අඩංගුවට පත් සිර කරුද වූ බව පොලීසිය කියයි.බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරු මාවනැල්ල දෙහිමළුව ප්‍රදේශයේ ඔහු වඩු කාර්මිකයෙකු ලෙස කල් ගෙවමින් සිටි ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.


කිරම නවනැලියේ පදිංචිව සිටි පට්ටිකාර බන්ධනගේ සුසන්ත නම් 18 වියේ පසු වූ තරුණයෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීම අත් අඩංගුවට පත් සිර කරුට තිබූ චෝදනාවයි. 


අත් අඩංගුවට පත් සිරකරු සමඟ ඔහු ගේ සොහොයුරෙකු වු කෝංගහගොඩ දුරගේ මනෝජ් හා මානගේ ප්‍රේමසිරි යන අය  සමඟ 2003.01.26 දිනමෙම මනුෂ්‍ය ඝාතනය සිදු කළ බවට පොලීසිය විසින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණි.


එම ඝාතනයට බන්ධනාගාර ගතව සිටියදී මෙම සිරකරු තංගල්ල බන්ධනාගාරයෙන් පැන ගොස් තිබුණි.


සුසන්ත ගේ ඝාතනයට වරදකරුවන් වූ සැක කරුවන් තිදෙනා ට 2015.06.04 දින තංගල්ල බන්ධනාගාරය විසින් දඩුවම් නියම කොට තිබූ බව පොලීසිය පවසයි.


මේ වන විට අත් අඩංගුවට පත් චන්දන සුජීව ගේ සොහෙයුරා වූ මනෝජ් වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින බවත් සුසන්ත ගේ ඝාතනයට සම්බන්ධ ව සිටි මානගේ ප්‍රේමසිරි මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.


අත් අඩංගුවට පත් සිරකරු අද  දින (06) වලස්මුල්ල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

පැන ගිය සිරකරු වසර 15 කට පසු අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site