(රන්න චන්ද්‍රසේන ගමගේ)
බැරගම ගම්වාසීහු පිරිසක් අද(19) විරෝධතාවයක නිරත වූහ.
අම්බලන්තොට බැරගම ‘රන්දියවර ග්‍රාමීය ජල ව්‍යාපෘතිය’ මගින් දෙනු ලබන පානීය ජලය මාස ගණනාවක් තිස්සේ නියමිත පරිදි නොලැබෙන බව කියා ඊට වීරෝධය පළකරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
මෙම ජල ව්‍යාපෘතියෙන් පස්පියුම, ගලවැව, මෝදරපිලවල, කොග්ගල්ල, සියඹලාගස්විල උතුර යන ප්‍රදේශවලට ජලය ලබා දෙන බවත් එහෙත් මේ වන විට ජල පාරිභෝගියන් 1900ක් පමණ බීමට ජලය නොමැතිව පීඩා විඳින බවත් විරෝධාකරුවෝ පැවසූහ.
ප්‍රදේශයේ ජල පාරිභෝගික පවුල් 200ක් පමණ මෙයට එක්ව සිටි අතර තරුණයන් කිහිප දෙනෙක් ජල ටැංකියක් මතට නැගී සිය විරෝධය පළ කළහ.
විරෝධතාකරුවන් පැවසූවේ මාස 03 ක් පමණ කාලයක් සිට තමන්ට බීමට සුදුසු ජලය ප්‍රමාණවත් තරම් ලබා නොදීම නිසා තම දෛනික කටයුතු අඩාල වී ඇති බවයි. මෙම ජල ව්‍යාපෘතියේ නිලධාරීන්ට ඒ බව පැවසුවද ඔවුන් ඊට විසඳුමක් ලබා දී නැතැයිද ඔවුහු පැවසූහ.




2025 දෙසැම්බර් මස 18
168
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානීය ජලය ඉල්ලා බැරගමවැසියෝ වීදිබසිති