IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයක්

(රංජිත් රාජපක්ෂ)                       
තලවකැලේ ලිඳුල නගරසභා බල ප්‍රදේශයට අයත් තලවකැලේ රත්නිල්ල කැලේ ගම්මානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි කළ නිවාස යෝජනා ක්‍රමයට පානිය ජලය ඉල්ලා ගම්වාසීහු අද (27) දහවල් තලවාකැලේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

එම ගම්මානයට යාබදව පිහිටි ජල සම්පාදන මණ්ඩල කාර්යාලයට පිවිසෙන මාර්ගය ගල් අතුරා අවහිර කරමින් එම මාර්ගය ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂණය පැවැත්විණි.

තලවකැලේ ජල සම්පාදන මණ්ඩලයෙන් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය රැගෙන යන බවුසර් 2ක්ද අවහිර කරමින් රත්නිල්ල කැලේ ගම්වාසීහු උද්ඝෝෂණය කළහ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකර තමන් වෙත ලබාදුන් නිවාස යෝජනා ක්‍රමය නිවාස 54 කින් සමන්විත බවත්, ඉන් නිවාස 15 ක ජනතාව පදිංචි වි සිටින බවත්, එම නිවාස වලට පානිය ජල සම්බන්ධතාවය ලබා දීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු නොකරන බව ප්‍රදේශවාසීහු පවසති.

රත්නිල්ල කැලේ ගම්මානයට මෙතෙක් පානිය ජල ලබා නොදීම සම්බන්ධයෙන් අප තලවකැලේ ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවහන මණ්ඩලයේ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම ගම්මානයට පානිය ජලය ලබා දිමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙතෙක් ලබා නොදීම නිසා එම ගම්මානයට පානිය ජල සම්බන්ධතාවය මෙතෙක් ලබා නොදී ඇති බවයි.



අදහස් (0)

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 489 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site