IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පොද්දල නාවික සෙබළා ඇසුරු කළ 7 කට කොරෝනා නෑ

(ජේ.කේ.එල් චාමින්ද)

වැලිසර නාවික හමුදා කඳවුරේ දී කොරෝනා වයිරසය ආසාදනය වූ  පොද්දල නරාවල   ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන්   පී. සී.ආර්. පරික්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවත්  අද (07) දින නිකුත් වූ එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  ලසන්ත ඔබේසේකර මහතා පවසයි.

ඊයේ දින (06) නරාවල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ දි  මෙකි පුද්ගලයින් 07 දෙනා ගෙන් පී. සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

මිට පෙර නාවික සෙබළාගේ බිරිඳ ඇතුළු පවුලේ සිව් දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබූ බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  ලසන්ත ඔබේසේකර මහතා සඳහන් කළේය.

මෙකි නාවික සෙබළා වැලිසර නාවික කඳවුරේ සිට පසුගිය 20 වැනිදින  නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර 27 වැනිදින නැවත කඳවුරට ගොස් ඇත.

කඳවුරේදී නාවික සෙබළාට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.

 



අදහස් (0)

පොද්දල නාවික සෙබළා ඇසුරු කළ 7 කට කොරෝනා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site