IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුද්ගල ඝාතනයක් කළැයි වරදකරු වු අයෙක්ට මරණ දඬුවම

(ඩී.ජී.සුගතපාල)


වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල .තිලකරත්න මහතා  අද(25) මරණිය දණ්ඩනය නියම කළේය.


මෙසේ මරණිය දණ්ඩණය නියම කරනු ලැබුවේ කන්ද කලාසි උදය කුමාර හෙවත් පොඩිපොල් නමැති විත්තිකරුටය.
මෙම විත්තිකරු සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන අතර විත්තිකරුට එරෙහිව මේ වනවිට මිනි මැරිමට තැත් කිරිම ගිනි අවි ළඟතබා ගැනිම ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් ගාල්ල සහ බලපිටිය අධිකරණවලද නඩු කිහිපයක්ම විභාග වෙමින් පවති. 


රත්ගම පොලිස් වසමේ පල්ලියපිටියේදි 2001 ඔක්තෝබර් 13වනදින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුලු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබු අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබිය.



අදහස් (0)

පුද්ගල ඝාතනයක් කළැයි වරදකරු වු අයෙක්ට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site