IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම්


  (හැටන් රංජිත් රාජපක්ෂ      )                  

රජය මගින් වැඩි කළ පෞද්ගලික බස් රථ ගාස්තු  ප්‍රමාණවත් නොවන බව පවසමින් හෙට (17) දින පෞද්ගලික බස් රථ සංගම් විසින් ආරම්භ කිරිමට සැලසුම් කර ඇති වැඩ වර්ජනයට සාර්ථකව මුහුණ දිමට හැටන් ලංගම ඩිපෝවේ සේවකයින් සුදානම් බව එම ඩිපෝවේ කළමණාකර අනුර දොඩම්තැන්න මහතා කිහ.


මෙම වැඩ වර්ජනයට මුහුණ දිම සදහා තම ඩිපෝවේ සියළුම සේවකයින් මේ වන විට සේවයට වාර්තා කර ඇති බවත් ,දෛනික ධාවන කටයුතු සදහා හැටන් ලංගම ඩිපෝව මගින් දිනපතා ධාවනයට එක් කරන   බස් රථ 92 ක් මේ වන විට සුදානම් කර ඇති බවයි විපෝ කළමණාකාරවරයා කියා සිටියේ.


කිසිදු මගියෙකුට අවහිරයක් නොවෙන සේ හැටන් ලංගම බස් නැවතුම්පොලේ සිට දුර සහ කෙටි දුර ධාවනයට බස් රථ යොදවන බවත්, එම බස් රථවලට දිනපතා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් බස් රථවලට නිකුත් කර ඇති බවත්, ඒසේ ඉන්ධන නිකුත් කිරිම තුලින් ධවනය කරවන බස් රථවල ප්‍රමාදය අවම කර ගැනිමට හැකි බවයි   ඩිපෝ කලමණකාරවරයා කියා සිටින්නේ. 


ලංගම සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරිම සම්බන්ධයෙන් හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් කැමැත්ත පළ කර ඇති බවත්, තම ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයින් හෙට දින ධාවනය කිරිමට නියමිත සියළුම බස් රථවල අලුත් වැඩියා කටයුතු ලහි ලහියේ සිදු කරන බවයි. 


 



අදහස් (2)

පෞද්ගලික බස් වර්ජනයට ලංගම සුදානම්

Siri Wednesday, 16 May 2018 03:24 PM

56 කලාවගේ සේරම පුද්ගලික බස් ලංගමට ගන්න ඕනි. එතකොට ඒවායේ සේවකයන්ටත් හොඳ කලක් ඒවි. මහජනයාත් සැපට බස්වල යාවි.

:       0       0

wiki Friday, 18 May 2018 12:17 PM

දැන් වර්ජනය කරන්න බැරි පෞද්ගලික අංශ වල වැඩකරන මිනිස්සුන්ට විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site