(ඩබ්ලිව්.ඒ. අසේල)
පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවරුවේ පැවති ඡන්ද වීමසීමේදි තේරී පත්විය.
පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුව පැවති සභාපති තනතුර සඳහා මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් එම සභාවේදි අද ඡන්ද විමසීමක් පැවැත්වුණි.
සභාපති තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයි.එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමිල අමරසිංහ හා ස්වාධීන කණ්ඩායමේ කේ.එස්.බි. රාජනායක යන අයගේ නම් යෝජනා විය.
එහිදි අමිල අමරසිංහ මහතා තමා ඡන්දයට ඉදිරිපත් වීමෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කළේය. අනුව විවෘත ඡන්ද වීමසීමක් පැවති අතර එහිදි ඡන්ද 23ක් ලබා ගත් වයි. එම්. රණසිංහ යාපා බණ්ඩාර මහතා සභාපති ලෙස තේරී පත්විය. මන්ත්‍රී ධුර 41 ක් හිමි සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යාපා බණ්ඩාර මහතාට ඡන්දය ලබා දුන් අතර එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය හා ස්වාධීන කණ්ඩායම කේ.එස්.බි. රාජනායක මහතාට ඡන්දය දෙනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය පාවිච්චි කිරීම සඳහා පැමිණ සිටයේ නැත.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාතහේවාහැට ප්‍රා.ස නව සභාපතිවරයෙක්