IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පුත්තලම හා ආණමඩුව සම්මන්ත්‍රණ ශාලා දෙකේ වැඩ කටයුතු අතර මග

(එච්.චන්දන)

පුත්තලම  හා ආණමඩුව නගරවල අළුතින් ඉදිකිරීමට බලාපොරොත්තු වූ නගර සම්මන්ත්‍රණ ශාලා දෙකේ වැඩ කටයුතු අතර මග නැවතී , නිමකල වැඩ කොටස්ද විනාශවී යන අයුරු දක්නට ලැබේ. ඉකුත් රජය සමයේ  ආර්ථික කටයුතු අමාත්‍යංශ මුදල් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 600 මුදලකින් පුත්තලමේ සම්මන්ත්‍රණ ශාලාව ආරම්භ කර ඇති අතර මෙහි අදියර කිහිපයකින් වැඩ නිම කිරීමට නියමිතව තිබුණි. 

මෙහි දැනට වහලය දක්වා වැඩ නිම කර ඇති අතර  කලපු තීරය ඉදිරිපිට ඉදිවන මෙහි භාවිතා කල යකඩ අමු ද්‍රව්‍ය රැසක් දැනමත් දිරා පත් වී ඇති අතර ,  එහි වහලයේ  රස්නය අඩු කිරීම සදහා යෙදු අමු ද්‍රව්‍යයද දැනටම විනාශවී ඇති බව දක්නට ලැබේ. 

ලක්ෂ ගණක මුදල් වියදම් කර ඉදිකරන ලද ආණමඩුව සම්මන්ත්‍රණ ශලාවද ඉදිකරීම් නවතා දැමීම නිසා  එහි ඉදිකල කොටස් රැසක්ම විනාශවී ඇතුලත වල් බිහිවී ඇති  අයුරු දක්නට ලැබේ. එම ස්ථානයේ ඉදිකිරීම් කටයතුවලට රැගෙන ආ යන්ත්‍රයක්ද දිරා පත්වේ.



අදහස් (3)

පුත්තලම හා ආණමඩුව සම්මන්ත්‍රණ ශාලා දෙකේ වැඩ කටයුතු අතර මග

ප්‍රදීප් Thursday, 20 April 2017 03:25 AM

අපේ රටේ මේ වගේ විනාශ වලට වගකියයුතු ආයතන හෝ පුද්ගලයින්ට නඩු දාන්න පුළුවන් ක්‍රමයක් ඇති කලයුතුයි. ලගදි විහාරමහාදේවි පාර්ක් එකේ හොදට තිබ්බ පාරක් කපල අයෙත් දැම්ම. හොදට කාර්පට් කරපු පාරවල් ආපහු කපල සර්විස් ලයින් අලුතෙන් දමනවා. ඊට පස්සේ ඒ පාරෙන් වැඩක් නැහැ. මුල ඉදල හරියට ආයතන කතාබහ කරලා කරන්නේ නැහැ. ඒ නාස්ති පියවන්න අපි මැරීගෙන හම්බකරන තුට්ටු දෙක හූරන් කනවා බදු ගහල.

:       0       0

sam Friday, 21 April 2017 07:14 AM

ගම්බද මිනිසුන්ටත් සියලුම නාගරික පහසුකම් ලබා දීම ඉතාම හොඳයි . ඒ වුනාට ආනමඩුව , පුත්තලම දෙපලාතේ ජීවත් වන මිනිසුන්ට තියන ලොකුම අඩුපාඩුව සම්මන්ත්‍රණ ශාලාවක්ද කියන එක නම් සැක සහිතයි .

:       0       0

Dubai Ravi Saturday, 22 April 2017 06:19 AM

අනේ මේවා මහජනතාවගේ සල්ලි නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site