IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘පුත්තලම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කළත් තාම වැඩ නෑ’


 
 
ජුඩ් සමන්ත
 
“මදුරන්කුලිය සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය” විවෘත කර වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මේ වන විට අතහැර දමා ඇති ආකාරයක් දක්නට ඇත.


පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් වැයකර මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. පුත්තලම ප්‍රාදේශීය සභාවේ යෝජනාවක් අනුව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල වයඹ පළාත් සභාවේ වයඹ සංවර්ධන අධිකාරියට අයත් එකකි.


වෙළඳ කුටි, නේවාසික පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු රැසක් මෙම සංකීර්ණය තුළ පිහිටා ඇත.


කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් කල්පිටිය, විල්පත්තුව සහ උතුරු ප්‍රදේශයේ සංචාරය සඳහා යන විට පහසුකම් සහ තොරතුරු සැපයීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ වී ඇත.
ජලය විදුලිය වැනි පහසුකම්ද මෙම මධ්‍යස්ථානය වෙත ලබා දී ඇත.


පසුගිය වසරේ මාර්තු 14 වැනි දා වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ එවකට සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරය දැරූ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම තොරතුරු මධ්‍යස්ථානය විවෘත කර ඇත.


මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කරන ලද කොන්ත්‍රාත් ආයතනයට අදාළ ගෙවීම් කටයුතු නිසි පරිදි නොගෙවීම නිසා ඇතැම් ඉදිකිරීම් සිදුකර නොමැති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.


මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ යෝජනාව පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් කර ඇතත් එහි අයිතිය වයඹ සංවර්ධන අධිකාරියට පැවරීම නිසා විවෘත කළත් පවත්වා ගෙන නොයන තත්ත්වයට පත්වීමට හේතුවක් බවද පැවසේ.



අදහස් (0)

‘පුත්තලම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කළත් තාම වැඩ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site