IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පුත්තලමේ මන්ත්‍රීවරයෙක් පියනමකට තර්ජනය කරයි

( ඔගස්ටින් ප‍්‍රනාන්දු )

පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා විසින් අඹකඳවිල මීසම පාලනාධිපති පියතුමාට දේවස්ථාන භුමිය තුළදී තර්ජනය කරනු ලැබ ඇති බවට පැමිණිල්ලක් අද (26) ලැබුණු බව හලාවත පොලිසිය කියයි.

අඹකඳවිල ප‍්‍රදේශයේ සිදු කෙරෙන වැලි ඉවත් කිරිමක් මගින් සිදුවන මහ පරිමාණයේ පරිසර විනාශයකට එරෙහිව  අලවා තිබු පෝස්ටරයකින් කුපිත වූ අදාළ මන්ත්‍රීවරයා විසින් එම විරෝධතාවේ නායකත්වය ගෙන කටයුතු කළ හලාවත පීටර් බොතේජු පියතුමා හමුවට ගොස් මෙලෙස තර්ජනය කරනු ලැබ ඇතැයි පැමිණිල්ලෙන් කියැවේ.
 
මේ අතර අදාළ මන්ත්‍රීවරයා විසින්ද හලාවත පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.

පෝස්ටර් ගැලවු බව කියමින් තමන්ගේ හිතවතුන් පිරිසක් ඊයේ ( 25) රාත‍්‍රියේදී අඹකඳවිල දේවස්ථානය කරා රැගෙන යනු ලැබ ඇති බව දැන තමන් පියතුමා සමග කතා බහ කර ඔවුන් කැඳවා ගෙන පැමිණි බව මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනිමට මන්ත්‍රීවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් මන්ත‍්‍රිවරයා නඩු කටයුත්තක් වෙනුවෙන් පුත්තලම අධිකරණය හමුවට ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා පරික්ෂණයක් කරන බව හලාවත මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂණ වසන්ත හේරත් මහතා කියයි.



අදහස් (0)

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් පියනමකට තර්ජනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site