හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම පොලිස් බල ප්‍රදේශය තුල සිදුකළ මෙහෙයුමකින් අද (2) විවිධ අපරාධ වරෙන්තුකරුවන් සහ තවත් චෝදනා වලට සම්බන්ධ සැකකරුවන් 40 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පැය 24 ක් පුරා පැවති මෙහෙයුමට පුත්තලම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජේ.ඒ . චන්ද්‍රසේන මහතාගේ මෙහෙය වීමේන් නිලධාරින් 120 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගනිමින් මාර්ග බාධක සහ මෙහෙයුම් වල යෙදෙමින් අපරාධකරුවන් සොයා මෙහෙයුම ආරම්භ කර තිබුණි.
එහිදි මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් සැකකරුවන් , විවිධ අපරාධ වලට සම්බන්ධව අධිකරණය මගහරමින් සිටි වරෙන්තුකරුවන් සහ රාත්‍රී කල්ලි ගැසි සිටි පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම පුත්තලම කොළඹ මාර්ගය , පුත්තලම මන්නාරම මාර්ගය , පුත්තලම අනුරාධපුර මාර්ගය, පුත්තලම කුරුණැගල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම පොලිස් කණ්ඩායම් කිපයක් මෙහෙයුම් වලට එක් කර තිබූ බව පුත්තලම පොලිසිය කීය.
පුත්තලම සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර සහ පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන යන මහත්වරු මෙම මෙහෙයුම මෙහෙයවූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිපත් කිරිමට නියමිත බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ පොලිසිය මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට