(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පට්ටිවෙල ගම්මානයේ කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති.
ජලය නොමැතිව කන්න 6 ක් වී ගොවිතැන් කරගත නොහැකිව සිට හත්වන කන්නයේ ලද මද වැස්සෙන් සහ පට්ටිවෙල වැව් ජලයෙන් ඔවුහු වගා කටයුතු කරති. පවතින අධික නියඟය හේතුවෙන් වැවේ ජලය හිඟවීමෙන් පූදින ගොයමට මාස දෙකක් තිස්සේ ජලය නොමැතිවීම නිසා ගොයම කහ ගැසී විනාශ වී ගිය බව ඔවුහු පැවසූහ.
පට්ටිවෙල පැරකුම් ගොවි සමිතියේ සාමාජික උදය කුමාර අත්තනායක මහතා මෙසේ කීවේය.
“කන්න හයක් කුඹුරු කරන්න බැරිවුණා. මේ කන්නේදිත් අහස් දියෙන් ලැබුණ වැහි වතුරෙන් බාගෙටයි පට්ටිවෙල වැව පිරුණේ. ඒ වැවෙන් කුඹුරට වතුර හැරෙව්වත් පවතින අධික වියලි කාලගුණය නිසා වතුර මදිවුණා. මේ යායේ කුඹුරු අක්කර 32 ම මැරිලා ගියා. ගොවි පවුල් 35කට යන එන මං නැතිවුණා. හැමදාම ගොවියටයි හැම දුකම. අපි වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මේ සිද්ධවුණ හානියට වගා වන්දියක්වත් දීලා අපේ ගොවින් රැකගන්න කියලා. නැතිනම් ඉදිරියට අපට කන්න හාල් නැතිවෙයි.”
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පට්ටිවෙල කුඹුරු අක්කර 32 ක් ජලය නොමැතිව විනාශ වෙලා