(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් කරනු ලැබූ බව කියන ප්‍රකාශයකට පූජාපිටිය ප්‍රාදේශය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර මඩලුස්ස මහතා අද (9) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ලා කළු(අළු) පැහැති කමිසයක් පැළඳ පැමිණ විරෝධය දැක්වූ අතර බඩු මිළ වැඩි විමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්.එම් කලීල් මහතා සීනි ග්‍රෑම් සියයක් සභාවට ගෙනවිත් පෙන්වමින් සිය විරෝධය දක්වනු ලැබීය.
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මාසික මහ සභා රැස්වීම අද 09 වනදා එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පූජාපිටියේ පිහිටි ප්‍රාදේශය සභා කාර්යාලයේදී ආරම්භ වූ නමුත් මෙම විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවේ සභාපතිවරයා සභාවේ නොසිටි අතර එහි උප සභාපති ඒ.එල්.එම්.රසාන් මහතා මූලාසනයේ සිටියේය.
මෙහිදී මුලින්ම නැඟී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සහ හිටපු සභාපතිවරයෙකුද වන අනුර මඩලුස්ස මහතා මෙහිදී සඳහන් කළේ, ස්වාධීන කොමිසමක් කියන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි කීම තුලින් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය අභියෝගයකට ලක්ව ඇති බවත් එම ප්‍රකාශයට විරෝධය දක්වමින් තමන් කළු පැහැති මෙම කමිසය හැඳ අද (9) සභාවට පැමිණි බවයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස් .එම්.කලීල් මහතා සීනි ග්‍රෑම් සියයක් පමණ අඩංගු මල්ලක් සභාවට පෙන්වමින් ප්‍රකාශ කළේ රුපියල් 98 කට තිබූ සිනි කිලෝව මේ වනවිට රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හාල් අල ලූණු ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩත් අසීමිතව ඉහළ ගොස් ඇති නිසා ජනතාවට ජීවත් වීමට නොහැක ව ඇති බවත්ය.
පසුගිය යහපාලන රජය සමයේ බඩු මිළ ඉතා අඩු මට්ටමක පැවැති බවද ඔහු මෙහිදී කීය.
මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විරෝධතා දෙකක්