IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පූජාපිටියේ ඇඳිරි නීති කොන්දේසි තද වෙයි

(මොහොමඩ් ආසික් )

පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුලින් කොවිඩ්  19 වයිරසය ආසාදිත බවට සැක සහිත රෝගීන් තිදෙනෙකු   හමු වීමත් සමඟ අද (28) ඇඳිරි නීතිය ඉවත් කළද එහි නිති රිති  ඉතා තදින්ම ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ වෙසෙන, නිවාඩු පැමිණි නාවික සෙබළුන්ගෙන් තිදෙනෙකු පූජාපිටිය කොට්ඨසයට අයත් වීම නිසා ඇදිරි නීතිය ඉවත් කළ අවස්ථාවන්වල ක්‍රියාත්මක කිරීමට රජය නිර්දේශ කර ඇති හැඳුනුම්පත් අංක ක්‍රමය  ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට  පොලිසිය ක්‍රියා කරන බවත්  පොලිසියේ සහාය සඳහා හමුදාවේ සහායද ලබා ගන්නා බවත් සභාපති අනුර ප්‍රනාන්දු මහතා තව දුරටත් කීය.

මෙහිදී සභාපති අනුර ප්‍රනාන්දු මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නිතිය  ඉවත් කර තිබුණද, අත්‍යාවශ්‍ය සේවාවක් සඳහා පමණක් නගරවලට පැමිණෙන ලෙසත් එසේ පැමිණෙන්නේ නම් එක් නිවසකින් එක් අයෙකු පමණක් පැමිණ තම කාර්යය ළඟම වෙළඳසැලෙන්  ඉටු කර ගෙන ඉතා ඉක්මනින් පිටත්ව යන ලෙසත් අනවශ්‍ය ලෙස නගරවල සහ මහාමාර්ගවල රැඳී නොසිටින ලෙසත් පවතින තත්වයේ  බරපතලකම තේරුම් ගෙන වැඩ කරන ලෙසත්ය.



අදහස් (0)

පූජාපිටියේ ඇඳිරි නීති කොන්දේසි තද වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site