මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ වැඩ පිලිවෙල පිලිබද ඇතමුන් දේශපාලනවාසී ලබා ගැනීම සදහා සිදු කරණ ප්‍රකාශ නිසා ජනතාවගේ මනස අවුල් සහගතතත්වයකට පැමිණ තිබිම කණගාටුවට කරුනක් බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ මණ්ඩලයේ සභාපති නිතිඥ ලාල් විජේනායක මහතා මතලේදී පැවසීය.
නිතිඥ විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් සැකසීමසදහා මාතලේ දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරිමේ වැඩ සටහනකටඑක්වෙමින් මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී අච (16)පැවති සම්මන්ත්‍රණයඅමතමිනය.
සමහරු කියනවා නව ආණුක්‍රම ව්‍යවස්ථාව සකස්කරලා රහසේ හදලා ඉවරයි ඒක හැදුවේ ඇමරිකාවේ කියලා .අපි කියනවා තවම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නෑ කියලා. එය හදන්නතමයි තවමත් මේ අදහස් ලබා ගන්නේ.සොල්බරි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව 72 ව්‍යවස්තාව 78 ව්‍යවස්ථාව හදලාඉවරවුනාම තමයි ජනතාව ඒ ගැන දන්නේ.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව තුළ කිසිදු ජනතා අදහසකට සවන්නොදී පාර්ලිමේන්තුව බාල්දුකරලාඒකාධිපති ස්වරූපයේ ජනාධිපති තනතුරක් ඇතිකිරිමට සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවදාසිට ජනතාව ඉලලීමක් තිබුණා එය වෙනස් කරන්න කියලා .නමුත් එය වෙනස් කරනවා කියලා බලයටආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය දෙවරක්ම නව ආණ්ඩුකුම ව්‍යවස්තාවක් ගෙන එනවා කීවත්එය ඉටු කලේ නෑ. ඉන් පස්ව බලයට ආපු මහින්ද රාජපක්ෂ මහතාත් ඉටු කළේ නෑ 18 ව්‍යවස්ථා සංසෝධනයතුළින් තිබු බලතලවලට අමතරව තවත් බලතල එකතුකරගත්තා.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව ව්‍යවස්ථාව ගැන කරන බොරු නිසා ජනතාවගේ මනස අවුල් වෙලා - ලාල් විජේනායක